Kudumiriya Rainforest

Kudumiriya rainforest comes under Kalawana Forest Range which is directly under the supervision of RFO-Kalawana. Its original extent is 1450 hectares. However some areas have already been encroached and tea has been planted. Recently the forest conservation department has launched a project to restore the rest of the virgin forest by demarcating and planting concrete boundary posts along the boundaries of the forest. The areas which have been encroached for more than five years are to be released and other areas will be reclaimed.

කුඩුමීරිය වැසි වනාන්තරය

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති කුඩුමීරිය වැසි වනාන්තරය ලෝක උරුම සිංහරාජ වැසි වනාන්තර සංකීර්ණයට අයත් ඉතා වැදගත් පරිවාර වැසි වනාන්තරයකි. දෙල්වල වලන්කන්ද රක්ෂිතයේ නිරිතදිග බෑවුමට මුහුණලා හෙක්ටෙයාර 1450ක පමන ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පැවතුනත්, මෑත කාලයේ මිනිස් ක්‍රියාකාරකම් නිසා කුඩුමීරිය වැසි වනාන්තරය විශාල වශයෙන් එලිපෙහෙලි වන්නට පටන් ගෙන ඇත. වාහනයකින් ලඟාවීමට අපහසු දැඩි කඳුකර කඳුවළල්ලකින් වටවූ කුඩුමීරිය වැසි වනාන්තරය කුඩා ගඟත්, දෙල්ගොඩ ගඟත් පෝශණය කරන ප්‍රධාන් ජල පෝශක ප්‍රදේශයක්ය. එය වටා වැද්දාගල, කත්ලාන, රඹුක ඇතුලු ගම්මාන රැසක් පිහිටා ඇති අතර එම ගම්මාන තුල ජීවත් වන දහස් ගණනකගේ ජීවනෝපාය වන කෘෂිකර්මාන්තය හා සංචාරක කර්මාන්තයේ පැවැත්මට කුඩුමීරිය වැසි වනාන්තරය සෘජුවම දායක වේ.

කුඩුමීරිය වැසි වනාන්තරයේ කොටසක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන නමුත් සැලකිය යුතු වනාන්තර ප්‍රදේශයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතුව ඇති අතර වරින් වර එම වනාන්තර ඉඩම් පෞද්ගලික අංශයට පවරා දී ඇත. මෙලෙස පෞද්ගලික ආයතන හා පුද්ගලයින්ට බෙදා දී ඇති වනාන්තර ඉඩම් තුල හා යාබද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ඉඩම් තුලද විවිධ කූට උපක්‍රම යොදාගනිමින් දැවැන්ත වන විනාශයක් සිදුකර ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කුඩුමීරිය වැසි වනාන්තරය "අනෙකුත් වනාන්තර" (other forests) ලෙස පමණක් නම් කර තිබීම නිසා එහි සංරක්ෂණ කටයුතු සඳහා මෙතෙක් වැඩි අවධානයක් යොමු කර නැත. දශකයකට පෙර මෙහි හෙක්ටෙයාර 2153ක් පුරා වැසි වනාන්තරය ව්‍යාප්තව පැවතුනත් මෑත කාලයේදී එය 1450කට අඩුවී ඇත්තේ නිසි පරිදි සංරක්ෂණය නොකිරීමත් අවට පිරිස් විසින් වනාන්තර ඉඩම් ආක්‍රමණය කිරීමත් නිසාය.

කුඩුමීරිය වැසි වනාන්තරයේ වැදගත්කම සලකා බලා, රජයේ හා පෞද්ගලික වනාන්තර ඉඩම් එකතුව කුඩුමීරිය වැසි වනාන්තරය හා එහි ප්‍රේරක කලාපය 1980 අංක 47 දරන ජාතික පාරිසරික පණත යටතේ "පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක්" ලෙස වහාම ගැස්ට් කර ප්‍රකාශයට පත් කරන මෙන් 2018 පෙබරවාරි මස පිලියක් හරහා අදාල බලධාරීන්ගෙන් වැසි වනාන්තර සුරකින්නෝ සංගමය ඉල්ලා සිටින ලදි.

   


Rainforest Protectors of Sri Lanka is an Enviornmental Organization Registered with Central Environmental Authority (CEA) Registration# 6/6/17/01/146